Saturday, September 21, 2024

ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි

තම අමාත්‍යාංශයට බලපෑම සිදු වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වී යන බව සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරුන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල හා නිදහස හිමිවිය යුතු බවයි. එමෙන්ම රජය විසින් පත්කර සිටින නිලධාරීන් ඇමතිවරුන්ට වඩා දුෂිත බවද ඔහු පවසනවා. අනුරාධපුරයේ සිදු කරන බව කියන කෝමාරිකා වගාව සම්පූර්ණ අසත්‍යයක් බවද එමගින් දැවැත්න වංචාවක් පමණක් සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරුන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල නිදහස ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

අද සිටින නිලධාරීන් ඇමතිවරුන්ට වඩාත් දුෂිත බවද ඔහු පවසයි.

සිය අමාත්‍යධූරයේ රාජකාරී කිරීමට අවශ්‍ය බලතල නොලැබීම හා විවිධ බලපෑම් එල්ලවීම හේතුවෙන් තමන් කලකිරීමට පත්ව සිටින බවයි ඔහු සදහන් කර තිබෙන්නේ.

දුමින්ද මහතාට රජයේ ප්‍රබල ඇමැතිවරුන් පිරිසකගෙන්ද යම් යම් බලපෑම් සිදුවන බවත් තමාට පැවැරී ඇති රාජකාරී වෙනුවෙන් කිසිදු අවදානයක් ඉහළින් යොමු නොවන බවත් පෙන්වා දෙන දුමින්ද දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ මෙවැනි ආකාරයෙන් කටයුතු සිදුවන්නේ නම්, ඇමැතිධූරයක කටයුතු කිරීම පලදායී නොවන බවයි.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles