ඇමතිවරැ පාර්ලිමේන්තුවට එන්නෙ ජනාධිපති එන දවසට, ජනාධිපතිට හැමදාම පාර්ලිමේන්තු එන්න කියන්න වෙයි

0
330

මේ දිනවල පාර්ලිමේන්තු ‌පැවැත්වෙන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ නොසිටීම සම්බන්ධයෙන් මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාද සිය දැඩි අවධානය යොමු කොට ඇති අතර මෙය නරක තත්ත්වයක් බවත්, ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අවවාද කොට ඇති බවද දැනගන්නට ඇත.

ඇමැතිවරුන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට පමණක් පැමිණෙන බවත්, අවම වශයෙන් අයවැය කාරක සභා විවාදය අවස්ථාවේ පවා ප්‍රශ්නවලට උත්තර දීම සඳහා ඇමැතිවරුන් සභා ගැබේ නොමැති බවත් කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

ආණ්ඩු පාර්ශ්වය ප‍්‍රශ්නවලට උත්තර දීම සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

එනිසා ඉදිරියට සියලු මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙසද ඔහු ආණ්ඩු පක්ෂ සංවිධායකගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා පැමිණෙන දිනට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැඩක් නැති බවද පැවසූ ඔහු එසේ නම් හැමදාම ජනාධිපතිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ඉල්ලා සිටීමට සිදුවන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here