Tuesday, September 24, 2024

ඇමතිවරු පදින්නේ පරණ වාහන – ආචාර්ය ගොඩහේවා

රජයේ ඇමතිවරු භාවිත කරන්නේ, අවුරුදු 10 ක් පමණ පරණ වාහන බව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

කෙරවලපිටියේදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජනතාව සිතන ආකාරයේ සුඛෝපභෝගී වාහන ඇමතිවරුන් සන්තකයේ නොමැති බවයි.

ඔහු සඳහන් කළේ, සෑම අවස්ථාවකදීම පත්වන ඇමතිවරයාට ලැබෙන්නේ, කලින් හිටපු ඇමතිවරයා නොව ඊටත් පෙර සිටි ඇමතිවරයා පාවිච්චි කළ වාහන බවයි.

වාහන බලාපොරොත්තුවෙන් තමා බලයට නොපැමිණි බව ත් ඇමතිවරයෙකු ලෙස තමාට වාහන 3ක අයිතිය ඇති බව ත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, සෑම අවස්ථාවකදීම දේශපාලනඥයා දෙස වෛරයෙන් නොබලන ලෙසයි.

ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බස් රථයෙන් බව ත් ඇතැම් අහිංක , පිරිසිදු දේශපාලනඥයින්ට ඇඟිල්ල හෝ දිගු කිරීම ආසාධරණ බව ත් ඔහු අවධාරණය කර සිටියේ ය.

රජයෙන් තමාට දුන් වාහන 3න් දෙකක්ම මේ වනවිට අබලන් වී ඇති බවත් මේ වනවිට තමන් භාවිත කරන්නේ, පෞද්ගලික වාහන බව ත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,  දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතු බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles