Sunday, September 22, 2024

ඇමති කට්ට වෙනුවෙන් සියල්ල ඉවසන්න බෑ – විමල්

අද්භූත කැබිනට් පත්‍රිකා මගින් රටේ තීරණාත්මක දේවල් සිදුවන තෙක් නිහඬව බලාසිටිය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මහජන මන්ත්‍රණ සභාවේදී කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු ඒ බව පැවසීය.

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් “මහජන මන්ත්‍රණ සභාව” ඊයේ (29) පස්වරුවේ කොළඹදී පැවැත් වුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා,

“බොරුවට අවුරුදු 5ක් කියන්න එපා. අනාගතයේ නොපෙනෙන ඉමක් දක්වා මේ රටේ ගෑස් සැපයුම භාරදෙන්නේ ඔය අමෙරිකානු සමාගමට. ඇමති මණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් වුණේ නැති නිසා අපිට අයිතිය තියෙනවා.., උසාවියට ඇවිල්ලා කියනවා. කිසිම සාකච්ඡාවක් වුණේ නෑ. බොරු කියන්න එපා. හොරට ගෙනාවේ. තකකඩිකමින් ගෙනාවේ. ඒ වගේ ක්‍රම පිළිඅරගෙන ඉන්න අපිට බෑ. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඔක්කොම පිළිඅරගෙන ඉන්නේ නෑ අපි. අපේ ආණ්ඩුව වැරද්දක් කරනකොට අපි ඉන්න ඕනේ සද්ද නැතුව ද? අපිට ඕනේ ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්ත රිදෙන්න පහර දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දෙ දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවකින් මේ වගේ තීරණාත්මක දේවල් සිද්ධවෙන්න ඉඩ දෙන්න නෙමෙයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles