ඇමති කූට්ටම අනන්නම ඕනෑ

0
499

අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරුන් වෙනස් කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් යැයි රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවැසීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා වර්තමානයේ අමාත්‍යාංශ කිහිපයක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව කිසිවකුගේ හෝ පැහැදීමක් නොමැති යැයි පැවැසීය. 

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද කීය. “අද ඇතැම් අමාත්‍යාංශවල කිසිදු කටයුත්තක වගකීමක් ගන්න කෙනෙක් නෑ. මේ අමාත්‍යාංශවල යම්කිසි වැරැද්දක් වුණොත් ඒවා පිළිගන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි නිසි වගකිවයුත්තෙක් නෑ. මේ අමාත්‍යාංශ අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුයි කියලා අපි හිතනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරාවි.” 

“විපක්ෂය කියලා තියෙනවා ඔළුගෙඩි මාරු කරලා විතරක් හරියන්නෙ නෑ. ආණ්ඩුව මාරු කරන්න ඕනේ කියලා. ඒකට නම් ඒ අයට තව අවුරුදු දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා. එයාලා කියන හෝ හිතන විදිහට මේ ආණ්ඩුව අයින් කරන්න කාටවත් ලැබෙන්නේ නෑ. හැබැයි අපිට සැකයක් තියෙනවා හෙට අනිද්දට විපක්ෂ නායක තනතුරේ ඔළු ගෙඩිය මාරු වෙයි කියලා. ඒක මාරු කරන්න  නම් පිරිසක් බලාගෙන ඉන්නවා.” යනුවෙන්ද හෙතෙම පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here