Sunday, September 22, 2024

ඇමති චන්න ජයසුමනගෙන් වෛද්‍ය ජයරුවන්ට පිළිතුරු!

මෙරට නිෂ්පාදනය කෙරෙන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය .

තයිරොක්සින් ඖෂධය රත්මලාන කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළත් තාම අපි එක වෙළඳපොලට නිකුත් කරලා නැහැ.සැප්තැම්බර් මාසයේ වෙළෙඳ පොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ.හැබැයි මේ ප්‍රකාශය කරපු පුද්ගලයා මොකද කිව්වේ.මේ තයිරොක්සින් ඖෂධය බීල ඒ රෝගීන් කියනවලු එකේ ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒක අමූලික බොරුවක්”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles