Saturday, September 21, 2024

ඇමති චන්න ධූරයෙන් ඉවත් කිරීමේ සැලසුමක්

ඖෂධ නිෂ්පාදනය, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරු එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත්ව ඇත.

පසුගිය සමයේ බලවත්ව සිටි ඖෂධ සැපයුම් සමාගම් තුනක් මේ සඳහා මූල්‍ය දායකත්වය දරන අතර විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ද දේශපාලකයන් කිහිප දෙනෙක්, භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක්, සහ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මේ සඳහා යොදාගෙන ඇත.

එන්නත් රටට ගෙන ඒමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පුවත්පත් ලිපි පලකිරීම, උදෑසන රූපවාහිනී නාලිකාවල පුවත්පත් කියවීමේ දී ඒවාට ඉහළ ප්‍රසිද්ධියක් ලබාදීම, සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ වංචා කළ බවට චෝදනා නැගීම, වට්ස්ඇප් කණ්ඩායම් වෙත දූෂණ සිදුකළ බවට ඇගවෙන පණිවිඩ යැවීම, රාජ්‍ය අමාත්‍යංශයේ ආයතන කෙටි කලකට හෝ කැබිනට් ඇමතිවරයා වෙත පැවරිය යුතු බව විවිධ පුද්ගලයන් ලවා ප්‍රකාශ කර වීම මේ සඳහා තෝරාගෙන ඇති උපක්‍රමය.

ඖෂධ මිලදී ගැනීමේදී හදිසි මිලදී ගැනීම් (local purchase) අහෝසි කිරීම, සමාගම් කිහිපයක් වෙත පැවති මිල අධික ඖෂධවල ඒකාධිකාරය බිද දැමීම, ඉහල මූල්‍ය වටිනාකමක් ඇති ඖෂධ කිහිපයක් රට තුල නිපදවීම නිසා සමාගම් කිහිපයකට වසරකට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇත.

මින් එක් සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රබලයකුගේ ඥාතියකුට අයත් අතර අනෙක් සමාගම හිමිකරුගේ බිරිඳ ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරයි.

පසුගිය රජය සමයේ සිදු වූ සිදුවූ ඖෂධ වංචාවලට සම්බන්ධ දේශපාලනඥයින් කිහිප දෙනෙක් එකල සිදුවූ අක්‍රමිකතා හෙළිවේ යැයි බියෙන් මෙම සමාගම් සමග එක්ව රාජ්‍ය ඇමති චන්න සහ සභාපතිවරු තුන්දෙනා ඉවත් කිරීමට ඉහළ දායකත්වයක් දක්වමින් කටයුතු කරයි.

මේ සඳහා වත්මන් රජයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ ද දායකත්වය ලබා ගැනීමට මෙකී සමාගම් සහ හිටපු රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු උත්සාහ දරන බව ද වාර්තා වෙයි.

Ceylon Tribune

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles