ඔස්ට්‍රේලියාවෙනුත් ඩොලර් මිලියන 200ක ණයක් ඉල්ලයි

0
534

පරිප්පු, කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මාර්ගයක් ඉල්ලා තිබෙනවා.

මෙම ණය ඉල්ලීම සිදුකළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් තහවුරු කරයි.

මින් පෙර ද ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් චීනයෙන් ඉල්ලා සිටියා.

ඉන් බිලියන 1.5ක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වෙනුවෙන් වෙන් කරන බවයි වාර්තා වන්නේ.

ඉතිරි ඩොලර් බිලියනය විදේශ මුදල් සංචිත ශක්තිමත් කිරීම වෙනුවෙන් භාවිත වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here