Thursday, January 16, 2025

ඇමති බන්දුල පාකිස්තානයට යයි

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වනවා.ඒ පාකිස්ථානු වාණිජ අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා මෙරට සිදු කළ සංචාරයේ දී, සිය රටෙහි නිල සංචාරයකට එක් වන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ආරාධනයක් අනුවයි.එම ආරාධනය පරිදි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාකිස්තානයේ නිල සංචාරය සඳහා ඊයේ පෙරවරුවේ කරච්චි ගුවන්තොටුපොළට ළඟා වී තිබෙනවා.

දෙරට අතර වෙළෙඳ සහයෝගීතා තවදුරටත් ව්‍යාප්ත කරගැනීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම නිල සංචාරය සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු විදේශ අමාත්‍යාංශ නියෝජිතයින් පිරිසක් ද, වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයින් පිරිසක් හා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් ද සහභාගී වී තිබෙනවා.

ඒ අනුව, වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු මෙම පිරිස පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර පාකිස්ථානු වාණිජ අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා සහ විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිතයි.

මෙම සාකච්ඡාවලදී මෙරට අපනයන ක්ෂේත්‍රය සඳහා වැඩි ඉඩකඩක් පාකිස්තාන වෙළෙඳපොල තුළ ඇති කරගැනීමටත්, ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳව නව ප්‍රවණතා ඇති කරගැනීමටත් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම එරට වෙළෙඳ ප්‍රජාව සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡා තුළින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ද සිය නිෂ්පාදන එරට ජනතාව තුළ ප්‍රචලිත කිරීමේ ඉඩකඩ සලසා දීමට ද කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා මෙහිදී පාකිස්තානයේ වාණිජ සංගම් කීපයක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles