ඇමති රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

0
432

මහ බැංකු බැදුම්කර කොමිසම  හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ පැමිණීම අද දිනයේදී අධිකරණය වෙත නොපැමිණි බව වාර්තාවේ.

ඒ අමාත්‍යවරයා අද දිනයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින් වන අතර අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණි.

එහෙත් අමාත්‍යවරයා කාර්යබහුල බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම්දීම නිසා යළිත් අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයා‍ට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here