Friday, September 20, 2024

රාජ්‍ය ඇමතිවරයෙකුගේ සමිබන්ධීකරණ ලේකම්වරයෙකු හොර හරක් ලොරි දෙකක් සමග බණ්ඩාරවෙලදී අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ දිනයේ මෙම පුද්ගලයා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම් කරන ලද ගවයන් විසි දෙදෙනෙකු බණ්ඩාරවල ප්‍රදේශයේ මස් කඩයකට ගෙන යමින් සිටියදීය.

කෙසේ වෙතත් අදාල පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ එම ගවයන් නිදහස් කර ජනතාව අතර බෙදා දීමට ගෙන යන බවයි.

ඒ බව ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයට දැනුම් දී එහි සභාපති වරයා විසින් නිකුත් කරන ලද ස්තූති ලිපියක් ද ඔහු පෙන්වා ඇත.

වමුත් පොලිසිය තහවුරු කරගෙන ඇත්තේ ගවයන් තොගය මස් පිණිස විකනීමට රැගෙන යන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles