ඇමති වාසු සිය නිල නිවස සහ නිල රථ භාර දෙයි?

0
512

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරි වාහන සහ නිල නිවාසය අද (14) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඒ මහතා සඳහන් කළේ, ඉදිරියට තමාගේ පවුලේ සහෝදරයෙකුගෙන් ලබාගන්නා පෞද්ගලික රථයක් භාවිත කිරීමට නියමිත බවය.

තමා අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත්වීමත් හේතුවෙන් තවදුරටත් වාහන හා අනෙක් පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එළඹි බව ද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා ජනාධිපතිතුමා විසින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් දෙනවා අමාත්‍යධූරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පාමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතු වලින් ඉවත් වීමට හා කැබිනට් මණ්ඩලය රැස්වීම් සඳහා සහභාගි නොවීමට ද තීරණය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here