Tuesday, December 24, 2024

ඇමරිකානු ආයුධ ඇෆ්ගනිස්ථානයේ දී තොග පිටින් විකි⁣ණේ.ලොවපුරා අන්තවාදීන් අතට පත්වීමේ අනතුරක්

ඇමරිකානු හමුදා සතුව තිබී   තලේබාන් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද අවිආයුධ මේ වන විට ඇෆ්ගනිස්තානයේ දී විශාල වශයෙන් අලෙවි කෙරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තලේබාන් සාමාජිකයන් වෙතින් මිලදී ගන්නා එම  අවිආයුධ විකිණීම සදහා ආයුධ වෙළෙන්දන් විසින් වෙනම වෙළෙද සැල් පවා ස්ථාපිත කර ඇති බව සදහන්.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි, පිස්තෝල ,රයිපල් ,ජීව උණ්ඩ,දුරබලන කණ්නාඩි,රාත්‍රී අදුර විනිවිදින උපකරණ  වැනි ආයුධ සහ මිලිටරි උපකරණ  මෙහිදී වැඩි වශයෙන් අලෙවි ⁣කෙරෙනවා.

කන්දහාර් ඇතුළු ඇෆ්ගනිස්තානයේ දකුණු දිග පළාත් ගණනාවක මෙම ව්‍යාපාරය පුලුල්ව පැතිර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.  ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යන විට විශාල අවිආයුධ තොගයක් අතහැර දැමා ඔවුන් ගොස් ඇත්තේ.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ දී  ඇතැම් අවිආයුධ එළෙස අත්හැර දමා යාම ආරක්ෂක විශ්ලේෂකයන් පසුගිය කාලසීමාවේදී දිගින් දිගටම විවේචනය ක⁣ළේ මෙවැනි තත්වයක් මතුවිය හැකි බවට අනාවැකි පළකරමින්. මෙවැනි අවි ආයුද කිනම් කල්ලි කණ්ඩායම් අතට පත්වේද, අන්තවාදී සංවිධාන විශාල වශයෙන් ලෝකය පුරා විහිදිී පවතින තත්වයක් යටතේ මෙවැනි අවි අාධය වෙළද පොළක් ඈෆ්ගනිස්ථානය වැනි රටක පවතීම ආනාගතයේදී කිනම් ලෙස බලපාවිදැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කර සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles