ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර උණුසුම් හමුවක්.

0
367

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර ඉතාලියේ රෝම නුවරදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේ මූලික අරමුණ මෙි වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත ඇමරිකා සහ චීන ජනාධිපතිවරුන්ගේ හමුව සම්බන්ධීකරණය කිරීම බව පැවසේ.

කෙසේ වෙතත්, මෙම හමුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්ත⁣යේ,හොංකොං සහ ටිබෙට්හි පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබදව චීන විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමු කර ති⁣බේ.

මීට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා තායිවානය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව පැවසේ.

විදෙස් ⁣මාධ්‍ය සදහන් කරන්නේ මෙම කරුණු හේතුවෙන් අදාළ සාකච්ඡා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here