ඇමරිකානු හමුදාව කළ යුද අපරාධයක් ගැන නිවියෝර්ක් ටයිම්ස් අනාවරණයක්

0
595

2019 දී ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි සටනේදී කාන්තාවන් සහ ළමයින් 64 දෙනෙකු පමණ ඝාතනයට ලක් කෙරෙමින්, සිරියාවේ එල්ල කළ ගුවන් ප්‍රහාර වසන් කරමින් එක්සත් ජනපද හමුදාව සිදුකළේ යැයි කියන යුද අපරාධයක් ගැන නවතම වාර්තාවකට අනුව නිව්යෝක් ටයිම්ස් අනාවරණය කර තිබේ.

බඝූස් නගරය ආසන්නයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාර දෙක සිරියාවේ ගොඩබිම් මෙහෙයුම් සඳහා කටයුතු කළ ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් ඒකකයක් විසින් නියෝග කරන ලද බව වාර්තාවේ දැක්වේ.

සිරියාවේ එක්සත් ජනපද ගුවන් මෙහෙයුම් අධීක්‍ෂණය කළ එක්සත් ජනපද මධ්‍යම විධානය, මෙම සතියේ ප්‍රථම වරට ප්‍රහාර පිළිගෙන ඒවා යුක්ති සහගත බව පැවසූ බව පුවත්පත කියයි.

එම මධ්‍යම විධානය පුවත්පතේ අනාවරණයෙන් පසුවද, යළි යළිත් කියා සිටියේ ප්‍රහාරවලින් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් 16දෙනෙකු සහ සිවිල් වැසියන් 4දෙනෙකු ඇතුළු පුද්ගලයින් 80දෙනෙකු මිය ගිය බවයි. අනෙක් 60 දෙනා සිවිල් වැසියන්ද යන්න පැහැදිලි නැති බවත්, ඊට හේතුව කාන්තාවන් සහ ළමයින් සටන්කාමීන් විය හැකි නිසා බවත් හමුදාව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here