Wednesday, January 15, 2025

ඇමරිකාවත් ඩොලර් ට්‍රිලියන 30.1 ක් ණ‍ය වෙයි!

ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30 ඉක්මවන වාර්තාගත ඉහල අගයකට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු දත්ත පෙන්නුම් කළේ – ජනවාරි 31 වන විට හිඟ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30.1 ක් වූ අතර, වසංගතය පැමිණීමට පෙර 2020 ජනවාරි අග දී රට සිය ණය දෙන්නන්ට ගෙවිය යුතු මුදලෙන් ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න වැඩිවීමක් වී ඇත.

වොෂින්ටනයේ රාජ්‍ය සහ රාජ්‍ය අභ්‍යන්තර ණය ගොඩගැසීම පිටුපස හේතු ගණනාවක් තිබෙන අතර ඒවායින් එකක් වන්නේ කොරොන වයිරස් රෝගය (කොවිඩ් -19) වසංගතය මධ්‍යයේ රජයේ වියදම් වැඩි කිරීමයි. විදෙස් මාධ්‍යට අනුව ෆෙඩරල් ආන්ඩුව ජපානය සහ චීනය ප්‍රමුඛ විදේශීය ආයෝජකයින්ගෙන් ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න මුදලක් ණයට ගත්තේ මෙම කාල සීමාව තුළ බවයි විදෙස් මාධ්‍යන් ව්ව්ර්තා කරන්නේ.

තවද එක්සත් ජනපද මූල්‍ය විශේෂඥයින් විසින් උපුටා දක්වන ලද තවත් හේතුවක් නම්, වසංගතයට දශකයකට ආසන්න කාලයකට පෙර 2008 මූල්‍ය අර්බුදයේ සිට ක්‍රමානුකූලව ජාතික ණ‍ය නොගෙවා සිටීමයි.

2007 දෙසැම්බරයේදී, මහා අවපාතය ලෙස හැඳින්වෙන ගෝලීය ආර්ථික පරිහානිය ආරම්භ වන විට ඇමරිකාවේ ජාතික ණය හිඟය ඩොලර් ට්‍රිලියන 9.2 ක් වි තිබුන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස බලයට පත් වන විට රටේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 20 දක්වා ඉහළ ගොස් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles