ඇමරිකාවේ කිඹුලෙකු විසින් ඩැහැගත් දරුවාගේ සිරුර සොයා ගැනේ

0
775

ඇමෙරිකාවේ, වෝල්ට්ඩිස්නි උද්‍යාන පරිශ්‍රයට ජලාශයකින් මතුවූ කිඹුලෙකු විසින් ඩැහැගත් දරුවාගේ සිරුර සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණි.

ලේන් ග්‍රේව්ස් නැමති මෙම දෙහැවිරිදි දරුවා තම දෙමවුපියන් හා සහෝදර සහෝදරියන් සමග ඒ ආසන්නයේ විවේකීයව සිටින විට එම වගුරෙන් එක්වරම මතුවූ කිඹුලෙකු විසින් පසුගියදා මෙම දරුවා ඩැහැගෙන ගොස් තිබුණි.

එහිදී, දරුවා ඩැහැගත් කිඹුලා එම ජලාශය මැදට එකවරම පිහිනා ගොස් ඇති අතර, පසුව දරුවා සොයමින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදුකිරීමට ආරක්ෂක අංශවලට සිදුවිය.

එහිදී, ජලය තුළ දරුවා සෙවීම සඳහා විශේෂ සෝනාර් යන්ත්‍ර පවා යොදාගෙන තිබුණි. කෙසේ වෙතත්, අවසානයේදී මෙම දරුවා සොයා සිදුකළ මෙහෙයුමේදී එම ජලාශයේ සිටි කිඹුලන් පස් දෙනෙකුට තම දිවියෙන් වන්දි ගෙවීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here