Sunday, September 22, 2024

ඇමරිකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ සේවකයන්ට වැටුප් නෑ!

ඇමරිකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීමට මුදල් නොමැති තත්වයක් උද්ගතව පවතින බව වාර්තා වේ.

බවයි විදෙස් වාර්තා සදහන් කළේ ඇතැම් සේවකයන්ට මාස හතරක පමණ කාලයක වැටුප් ගෙවා නොමැති බවයි.

පාකිස්තාන තානාපති කාර්යාලයේ ,දේශියව බඳවා ගත් කොන්ත්‍රාත් සේවකයන්ගෙන් අවම වශයෙන් පස් දෙනෙකුට අගෝස්තු මාසයේ සිට මාසික වැටුප් ගෙවීම් ප්‍රමාදයන් හා ගෙවීම් සිදු කර නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.

එලෙස වැටුප් අර්බුදයට මුහුණ දුන් සේවකයන් අතර වසර දහයක කාලයක් තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී සේවය කළ අයෙකු ද වන අතර වැටුප් ගැටලුව හේතුවෙන් ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී සේවයෙන් ඉල්ලා අස් වී ඇති බවත් පැවසේ.

මසකට ඩොලර් දෙදහසත් දෙදහස් පන්සියයත් අතර පුද්ගල වැටුපකට වාර්ෂිකව කොන්ත්‍රාත් පදනම යටතේ තානාපති කාර්යාලයේ සේවයට දේශියව බදවා ගැනීම් සිදු කරනු ලබන බව සදහන් වේ.

ඔවුන්ට වැටුප් ගෙවනු ලබන්නේ පාකිස්තාන ප්‍රජා සුබසාධන අරමුදලෙන් වන අතර කොරෝනා වසංගත තත්වය තුළ එම අරමුදල කඩා වැටීමෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි ද පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles