ඇමරිකාවේ රූ රැජිනක් උස් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

0
302

ඇමරිකාවේ හිටපු රූ රැජිණක් වන චෙස්ලි ක‍්‍රිස්ට් නිව්යෝර්ක්හි උස් ගොඩනැගිල්ලකින් බිමට පැන දිවි නසාගෙන තිබේ.

ඇය එම ගොඩනැගිල්ලේම 9 වැනි මහලේ පදිංචිව සිට ඇති අතර අවසන් වරට දැක ඇත්තේ 29 වන මහලේ දී බව පොලිසිය පවසයි.

මෙලෙස දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇගේ සිරුර ඔරියන් ගොඩනැගිල්ලේ පහළ කොටසේ තිබී හමුවී ඇත

30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වී තිබුණා.

එය සිය දිවි නසාගැනීමක් බව නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව ​සඳහන් කළා.

ක්‍රිස්ට් සිය දේපළ මවට පවරමින් ලිපියක් ලියා තිබුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කළා.

“අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here