Saturday, September 21, 2024

ඇමරිකාව යුක්රේනයට ප‍්‍රහාරක යානා සූදානමින්..!

පෝලන්තය හරහා – යුක්රේනයට ප‍්‍රහාරක යානා ලබා දීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

පෝලන්තය සතු ප‍්‍රහාරක යානා යුක්රේනයට ලබා දීමටත් – පසුව, ඊට හිලව් ලෙස, එක්සත් ජනපදය පෝලන්තයට ප‍්‍රහාරක යානා ලබාදීමටත් එක්සත් ජනපදය සැලසුම් කරමින් සිටියි.

තමන්ට ප‍්‍රහාරක ගුවන් යානා ලබා දෙන ලෙස ඉල්ලමින් යුක්රේන ජනාධිපතිරවයා, ඇමරිකාවටත් – යුරෝපා සංගමයටත් බලකරමින් සිටියි.

මේ වන විටත්, යුක්රේනයට ප‍්‍රහාරක යානා ලබා දීමට පෝලන්තය එකග වී ඇති අතර, ඔවුන් මෙතෙන් බලා සිට ඇත්තේ එක්සත් ජනපදයේ අනුමැතිය ඒ සදහා ලැබෙන තෙක් බව ද පැවසේ.

පෝලන්තයට සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවලට ඇමරිකානු ගුවන් යානා ලබා දෙන ලෙස ජනාධිපති Volodymyr Zelensky වොෂින්ටනයට බල කර තිබූ අතර එමඟින් එම රටවලට රුසියානු නිෂ්පාදිත මිලිටරි ගුවන් යානා යුක්රේනයට යැවීමට හැකි වේ.

මෙි අතර ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ C – 17A ගුවන් යානය හරහා යුක්‍රේනයට යුධ උපකරණ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ලබාදුන් බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

අගමැති ස්කොට් මොරිසන් විසින් යුක්‍රේනය වෙනුවෙන් ආරක්ෂක හමුදා සහය ලබා දෙන බව ප්‍රකාශ කිරීමෙන් පසු මෙම උපකරණ තොගය භාරදීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles