ඇමරිකාව සඳේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරයි

0
332

සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකාව සැලසුම් කර තිබෙනවා.ඒ අනුව එවැන්නක් සඳ මත ස්ථාපිත කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබද අදහස් ඉදිරිපත් කරන්නැයි නාසා ආයතනය සහ ඇමරිකානු බලශක්ති පරීක්ෂණාගාරය විද්‍යාඥයන් වෙත ඇරයුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ දශකය අවසානය වන විට සූර්ය බලයෙන් තොර බලශක්ති මූලාශ්‍රයක් සඳ මත ස්ථාපිත කිරීම ඇමරිකාවේ අරමුණයි.එවැන්නක් මිනිසාගේ අභ්‍යාවකාශ ගවේෂණයේ මීළඟ පියවර සඳහා වැදගත් වන බවයි ව්‍යාපෘතියේ තාක්ෂණික ප්‍රධානී සෙබස්තියන් කෝබිසියේරෝ සඳහන් කළේ.

සඳ මත සහ අඟහරු මත මිනිස් ජනාවාස පිහිටුවීමට නම් මෙවැනි බලශක්ති මූලාශ්‍රයක් අවශ්‍ය වන බව ඔහු අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here