ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත බෝම්බ ප්‍රහාරය එල්ල කළ අයිසිස්කේ සටන්කාමී සංවිධානයේ මහමොළකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය බවයි අමෙරිකා ආරක්ෂක අංශ දැනුම් දී තිබෙන්නේ. එම ප්‍රහාරයෙන් කිසිඳු සිවිල් වැසියෙකුට හානි සිදුව නැහැ. කාබුල් ගුවන් තොටුපළ වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් අමෙරිකා හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මිය ගියා.