ඇමැතිවරුන්ට මඩගසන මධ්‍යස්ථානයක්

0
304
රජයේ ඇමැතිවරුන්ට සංවිධානාත්මක වශයෙන් මඩ ගැසීමේ මධ්‍යස්ථානයක් ඇති බවත් මේ වන විට එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (7) පැවැසීය.
ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සඳහන් කර ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කෙසෙල් ගෙඩි බෙදා දීමේ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව කීය.
එම ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේ එම චෝදනාව සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කර ඇති බවයි. තමා ගංවතුර ආධාර උපකාර බෙදන්නේ පාසල් යන කාලයේ සිට බවද හෙතෙම පැවැසීය.
රජයේ ඇමැතිවරුන් සිදුකරන බොහෝ ව්‍යාපෘති බලා සිට ඒවා ජනතාව හමුවේ විවේචනයට තුඩු දෙන ආකාරයෙන් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම මෙම මධ්‍යස්ථානය තුළ සිදුව ඇති බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය. මේ සඳහා විශාල මුදලක් එම කණ්ඩායම විසින් විදයම් කරන බවද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here