Thursday, December 26, 2024

ඇමැති බන්දුලගෙන් CIDයට චෝදනාවක්

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන නැතැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයෙ රාත්‍රී කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

තම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා නොකරන්නේ මන්දැයි තමාට ද ගැටලුවක් බව ඇමතිවරයා සඳහන් කර ඇත.

ලංකා සතොසේ සුදුලූනු වංචාවචක් සිදුවී ඇති බව තමා පිළිගන්නා නමුත් ,හිටපු විධායක අධ්‍යක්ෂවරයා තමා ඉලක්ක කර ගනිමින් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි යැයි ද ඇමති ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා බන්දුල ගුණවර්ධන මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දෙන බව පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles