Tuesday, September 24, 2024

ඇමැති ලොකුගේ මුරණ්ඩු තීරණයක! ආණ්ඩුවත් ලොකු අවුලක දමයි

රඇමැති ගාමිණී ලොකුගේගේ හිතුවක්කාර තීරණයක් නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්විය හැකි බවට රාජ්‍ය ඇමැතිවරයෙකු අගමැතිවරයාට පෙන්වා දී තිබෙනවා.
ඒ දෙහිවල සත්වෝද්‍යානය සඳහා වෙන් කෙරුණු පිළියන්දල ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දරන්නේ යැයි කියන උත්සාහයකට සත්වෝද්‍යාන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වීමත් සමඟයි.


රාජ්‍ය ඇමැතිගෙන් අගමැතිට පැමිණිලි


මේ අනුව මෙම ප්‍රශ්නය දුරදිග ගියහොත් රජයට යළිත් වෘත්තීය සමිති උද්ඝෝෂණයකට හෝ  ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය  විමලවීර දිසානායක මහතා  අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පෙන්වාදී  ඇත.
මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් 13 වැනිදා පවත්වා තිබූ අතර එය විසඳුමකින් තොරව අවසන්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.


ලොකුගේ මුරණ්ඩු තීරණයක


එළිමහන් සත්වෝද්‍යානයක් අනිවාර්යෙන්ම එහි ඉදිකළ යුතුව බව ලොකුගේ මහතා එම රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා.
ලොකුගේ අමාත්‍යවරයාගේ මෙම උත්සාහයට විරෝධය පළ කරමින් සත්වෝද්‍යාන සේවකයන් පෝස්ටර් ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබෙනවා.


ඇමැතිගේ තීරණය බොරු වැඩක්


මෙම පිළියන්දල ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හිමිවූවකි. මෙහි දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් සඳහා රෝහලක් සහ සතුන්ට ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට කාලයක සිට යෝජනාවී තිබිණ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානය නුදුරු ස්ථානයක පවතිද්දී එළිමහන් සත්වෝද්‍යානයක් මෙලෙස ඉදිකිරීම අනවශ්‍ය මෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවයි. 

Asian Mirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles