ඇමෙරිකානු පොලීසියට වෙඩි

0
381

 

ඇමෙරිකාවේ, ලුසියානා ප්‍රාන්තයේදී පොලිස් නිලධාරීන් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඇමෙරිකාව තුළ ඇවිලී යන වර්ගවාදී ගැටුම්වල තවත් උච්චතම අවස්ථාවක් ලෙස ලුසියානු ප්‍රාන්තයේ, බැටන් රෆ් හි ඕල්ඩ් හැමන්ඩ් අධිවේගී මාර්ගය ආසන්න, ගුවන්තොටුපොළ අධිවේගයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කළ එක් සැකකරුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රෝහල්ගත කළ නිලධාරීන්ගෙන් අයෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.

මේ අතර, ප්‍රහාරය සිදුකළ තවත් දෙදෙනෙකු අල්ලා ගැනීම සඳහා පොලීස් මෙහෙයුම් සිදුවන බවද විදෙස් වාර්තා පවසයි.

කළු ජාතික ඇල්ටන් ස්ටර්ලිං නැමැත්තා මීට පෙර බැටන් රෆ් හිදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඔහුගේ මරණයද පසුගිය සති කිහිපය පුරා ඇමෙරිකාව තුළ වර්ගවාදී ගැටුම් උත්සන්න කළේය.

– 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here