ඇමෙරිකාවෙන් ඩොමි 500ක ප්‍රදානයක්

0
371

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදීභාවය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාවේ රාජ්‍ය සමාගමක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ප්‍රදානයක් කිරීමට සැලසුම් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන රටවල ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කිරීම සඳහා මුදල් ආධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවා ඇතිමෙම ආයතනය මගින් ලංකාව තුළ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම මුදල් ලබාදීමට තීරණය කර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරය දරන කාලයේදී මෙම ආයතනය මුදල් ප්‍රදානයක් සිදු කිරීමට සැලසුම් කළද, පසුව එම ආයතනය විසින් එම සැලසුම වෙනස් කර තිබේ.

මේ නිසා එම අවස්ථාවේදී අදාළ මුදල් අහිමි වී ඇතත්, වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රට තුළ ඇති කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැඩසටහන් සැලකිල්ලට ගනිමින් ඩොලර් මිලියන 500 ක මුදල් ප්‍රදානය ලබාදීමට සැලසුම්කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here