Tuesday, September 24, 2024

ඇමෙරිකාව නිෂ්පාදනය කළ කොව්ඩ් වලට එරෙහි කරලේ ප්‍රතිපල 100%, ඉදිරියට ලෝකයටම සුභ පණිවිඩයක් !

කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම් අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයක් පිරිසක් සමත්ව තිඛෙනවා.

මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති එය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් රෝගීන්ට ලබාදී අත්හදා බලා තිබුණා.

එම ප්‍රථීඵල අතිශය සාර්ථක වී ඇති අතර මේ වනවිටත් මෙම කරල් විශේෂය හදිසි භාවිතය සඳහා අයදුම් කර ඇති බවයි නිෂ්පාදන සමාගම සඳහන් කලේ.

පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකල අධ්‍යයනයෙන් පසු රෝහල්ගතවීමට තරම් රෝග ලක්ෂණ මතුවී ඇත්තේ සියයට 7 යි දසම 3 කට පමණයි.

කිසිදු මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයක්.

ෆයිසර් සමාගම ඇතුලු ආයතන කිහිපයක්ද මේ වනවිටත් කරල් නිපදවීම ආරම්භ කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් අත්කරගෙන නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles