Sunday, September 22, 2024

ඇමෙරිකාව මැදපෙරදිග අලුත් ගොදුරු බිමකට ඉව අල්ලයි

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. නිට්සේ යුද නෞකාව  පසුගියදා රතු මුහුදේ සිට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් හූති සටන් කාමීන්ගේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කිරීමත් සමග මේ වනවිට ඇමෙරිකානු හමුදාව යොදා ගනිමින් යේමනය ආක්‍රමණය කිරීමේ සූදානමක් පවතින බවට හූති නායකයා එරට රූපවාහිනිය හරහා ප්‍රකාශ කර තිබේ.

යේමයේ බලයෙන් පහ කරනු ලැබූ  හිටපු ජනාධිපති මන්සූර් හාදි සෞදි අරාබියට පළා ගෙස් සිටින අතර ඔහු නැවත බලයට පත් කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ මැදපෙරදිග සුන්නි මුස්ලිම් රටවල් යේමනයේ බලය අත්පත් කර ගෙන සිටින හූති සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

පසුගිය සති අන්තයේදී සෞදි ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් යේමන සිවිල් වැසියන් 140 ජීවිතක්ෂයට පත් වීමත් සමග මේ වනවිට තත්වය  දරුණු අතර හැරී ඇති අතර හූති සටන්කාමීන් සෞදිය වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ෂියා මුස්ලිම්වරුන් නියෝජනය කරන හූති සටන්කාමීන් වෙත ඉරානයේ සහාය දක්වන බවට චෝදනා කරන ඇමෙරිකාව,යූ.එස්.එස්. නිට්සේ නෞකාව මගින් පහර දී විනාශ කළේ ඉරානයෙන් ලබා දී තිබූ රේඩාර් පද්ධති බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව අතින් සුවිශේෂී  ස්ථානයක් වන යේමනය තුළ සිරියාව, ඉරාකය, ලිබියාව අස්ථාවර කළ ආකාරයට ඇමෙරිකානු මැදිහත් වීමක් ඉදිරියේදී සිදුවීමේ වටපිටාවක් මේ වනවිට නිර්මාණය කෙරෙමින් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles