ඇල්ෆාට වඩා ඩෙල්ටා ආසාදිතයෙකුගෙන් සිය ගුණයක වෛරස් ප්‍රමාණයක් වාතයට…

0
541

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකුගේ වෛරස් ප්‍රමාණය වාතයට එක් වීම 100 ගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ශරීරයට ඇතුළු වීමෙන් පසු දිනයක් දෙකක් ඇතුළත් වෛරසය ශරීරය තුළදී විශාල වෛරස ප්‍රමාණයක් ජනනය කරන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඒ අනුව ශරීරය තුළ වෛරස ප්‍රමාණය වැඩිවීම තුළ සංකූලතා ඇති කිරීමේ හැකියාව ද ඉහළ බව සඳහන්.

මේ අතර කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් 23 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ, දෙවන මාත්‍රාව ද ලබා ගෙන සති දෙකකට වඩා වැඩි කාලයක් ගත වූ පසු මෙම මරණ සිදුව ඇති බවයි.

දීර්ඝ කාලීනව පැවති විවිධ රෝග එම කොරෝනා ආසාදිතයින්ගේ මරණවලට හේතු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here