ඇවන්ගාඩ් සමාගමට වැඩ වරදී – කෝටි 84 ලබාගන්න නීතිමය පියවර

0
330

ඇවන්ගාඩ් සමාගමෙන් රක්නා ලංකා සමාගමට අය විය යුතු රුපියල් අසුහතර කෝටි තිස් ලක්ෂයක මුදල අය කර ගැනීමට ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගෙන් ඊයේ (16) විමසීමක් සිදු කළ බව රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා පැවසීය.

පෙරේදා (15) රැස්වුණ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයකට අනුව නීතිපතිවරයාගෙන් විමසීම සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ‍ලබාදෙන උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

අය විය යුතු මුදල ගෙවීමට සහන කාලයක් ලබාදී තිබුණ අතර ඇවන්ගාඩ් සමාගම ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඉන් පසුව රක්නා ලංකා සමාගමේ නීතිඥවරුන් විසින් දින වකවානු ලබාදී ගෙවීම් සිදු කිරීමට අවස්ථාව ලබා දුන්නත් ඒ සඳහා ඇවන්ගාඩ් සමාගම ප්‍රතිචාර නොදක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here