Saturday, September 21, 2024

ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව හදන්න

මේ වෙලාවේ රටට අවශ්‍ය, මිනිස්සුන්ට ජීවත්වීමේ මංතීරුව හදන එකක් මිස ,ඇවිදින මංතීරු හදන එක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වෙලාවේ රටට අවශ්‍ය,දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන එක නොවන බවත්,මේ වෙලාවේ රටට අවශ්‍ය,ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන එක නොවන බවත්,එපමණක් නොව

මේ වෙලාවේ අවශ්‍ය ජීවත්වීමේ මාර්ග අහිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව හදන එක මිස ,ඇවිදින මන්තීරුව හදන එක නොවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රෝහල්වලට  අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ විපක්ෂයෙන් හුස්මක් 28 වන අදියරට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. කොරෝනා ව්‍යසනයට අමතරව

රට ඉදිරියේ මහා සාගතයක සහ, දැවැන්ත ආර්ථික බංකොලොත් බවක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බවද ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 28වන පියවර ලෙස අද (26) රුපියල් තිස්ලක්ෂ විසිපන් දහසක් (රු. 3,025,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පොතුවිල් මූලික රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles