ඇවිදින මං තීරැවක් හදන්න සුන්දර ග්‍රෙගරි වැව හිස් කරයි

0
656

සීතල දෙසැම්බර් මාසයේ සුන්දර නුවරඑළිය ග්‍රෙගරි වැව් ඉස්මත්ත සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි.

එහිදී බොහෝ සංචාරකයන් ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරියක නිරත වීමට ද අමතක නොකරයි.

කෙසේවෙතත් පසුගිය කාලයේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාලුවට ගිය නුවරඑළිය ග්‍රෙගරි වැව සහ ඒ අසල ප්‍රදේශයේ මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් සිදුවෙමින් පවතී.

එවැනි කාලසීමාවක නුවරඑළිය මහ නගර සභාව විසින් ග්‍රෙගරි වැවේ ජලය හිස්කිරීමට පියවර ගෙන ඇති බව පවසමින් සංචාරක බෝට්ටු සංගම්වල සමාජිකයන් චෝදනා එල්ලකර සිටී.

ඔවුන් පවසන්නේ නුවරඑළිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රෙගරි වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිමට සහ ග්‍රෙගරි වැව සංවර්ධන කිරීමට බව පවසමින් නුවරඑළිය මහ නගර සභාව විසින් (22) දින සිට වැවෙහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here