Friday, December 27, 2024

ඇස්ටසෙනිකා එන්නත ගත් මෙරට පුද්ගලයන් 75 දෙනෙකුට කොරෝනා….

ඔක්ස්ෆර්ඩ් ඇස්ටසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ඉන්දියාවෙන් මෑතකදී ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ ඉන්දියාවට දැනට බලපා ඇති දැඩි වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

එනිසා එම එන්නත මෑතකදී ලැබේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මෙම එන්නතේ පළමු මාතාව ලබාගත් මෙරට පුද්ගලයන් 65-75 ත් අතර ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා ලැබී ඇතැයිද ඔහු පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. lankacnews

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles