Sunday, January 12, 2025

ඇස්ට්‍රාසෙනිකා වතුපිටිවලින් මතුවේ…!

වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සමාජිකයින්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අද ගැටලුවක් ඇති විය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැවසුවේ, රෝහලේ ඉතිරිවී තිබූ ඇස්ට්‍රාසෙනෙකා වෑල් 22 තම පවුල්වල සමාජිකයින්ට ලබාදීමට රෝහල් බලධාරීන් එකඟ වී සිටි බවයි.

ඒ අතරතුර ඊයේ(08) හදිසියේම එම එන්නත් තොගය රැගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කර තිබේ.

නමුත් ඊට පළ වූ විරෝධයත් සමග අද(09) උදෑසන පවුලවල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට එකඟ වී ඇතත් එම එකඟතාව බලධාරීන් කඩකළ බවට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය චෝදනා කරයි.

ඔවුන් චෝදනා කළේ, වතුපිටිවල රෝහල තුළ නාඳුනන පිරිස් සඳහා රහසිගතව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු පහුගිය දිනවල සිදු වූ බවයි.

මේ අතර ඉවතදමා ඇති බවට කියන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා සහිත වෑල් කිහිපයක් රෝහල් කර්ය මණ්ඩලය මාධ්‍ය වෙත ඉදිරිපත් කළේ ය.

පසුගිය දිනක ගාල්ල ප්‍රදේශයෙන් ද බස්නාහිර පළාතෙන් ගිය පිරිසකට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමේ සිදුවීමක් වාර්තා විය.


Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles