ඇස්ට්‍රාසෙනිකා II වෙනුවට ෆයිසර් දෙනවා – මහාචාර්ය ජයසුමන

0
522
FILE PHOTO: Vials with a sticker reading, "COVID-19 / Coronavirus vaccine / Injection only" and a medical syringe are seen in front of a displayed Pfizer logo in this illustration taken October 31, 2020. REUTERS/Dado Ruvic/File Photo

සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජර්මනියේ සිදුකළ පරීක්ෂණයකට අනුව ඇස්ට්‍රසෙනෙකා එන්තේ මාත්‍රා දෙකම ලබාගැනීමෙන් ලැබෙන පලදායීතාවට වඩා ඉහළ පලදායීතාවක් ලැබෙන බවය.

“මීට දින කිහිපයකට පෙර ජර්මනියේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල නිකුත් කළා. ඒ අනුව මාත්‍රා දෙකම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගන්නවාට වැඩිය පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා ලබාගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීම මගින් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙනවා කියලා ඔවුන් පෙන්වා දීලා තියෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here