ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගයක් මේ මස අවසන් සතියේ දිවයිනට

0
587

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ තවත් තොගයක් අප්‍රේල් මස අවසන් සතියේ දී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ හේතුවෙන් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ කිසිඳු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.

මේ අතර ඊයේ (03) දිනය තුළ තවත් පුද්ගලයින් 4,201 දෙනෙකුට මෙම කොවිඩ් එන්නත ලබා දී තිබේ.

ඒ අනුව මේ දක්වා එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් ගණන 923,954ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here