Thursday, January 23, 2025

ඇෆ්ගනිස්තානයේ අවතැන්වූවන්ගෙන් සියයට අසූවක්ම ළමුන් හා කාන්තාවන් බවට අනාවරණයක්.

මෑතකාලීනව ඇෆ්ගනිස්තානයේ සිදුවූ ගැටුම්වලින් අවතැන්ව සිටින තුන්ලක්ෂයකට අධික පිරිසෙන් සියයට අසූවක්ම කාන්තාවන් සහ ළමුන් බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

එම කාර්යාලයට අනුව, මෑතකාලීනව ඇෆ්ගනිස්තානයේ පුද්ගලයන් 332,000 ක් අවතැන්ව සිටින ඔවුන්ගෙන් 115,000 කට පමණ මේ වන විට යම් සහන ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.

කෙසේවෙතත්, අභ්‍යන්තර අවතැන්වූවන් බවට පත්ව සිටින පිරිස් වෙත සහන ලබාදීම සදහා විශාල වශයෙන් අරමුදල් අවශ්‍ය බව ද එම කාර්යාලය ප්‍රකාශ කර ති‍බේ.

ඉදිරි ශිත කාලයේදී මෙම අවතැන්වූවන්ට සහන සැලසීම තවදුරටත් ගැටලුකාරී වනු ඇති බව ද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles