Thursday, January 23, 2025

ඇෆ්ගනිස්තානයේ කාන්තා අමාත්‍යාංශයත් නැති කරයි. ‘no need of ministry ‘

ඇෆ්ගනිස්තානයේ ස්ථාපිත කර තිබූ කාන්තා කටයුතු අමාත්‍යාංශය අහෝසි කර දැමීමට තලේබාන් සංවිධානය පියවර ගෙන තිබේ.

ඔවුන් සදහන් කරන්නේ, කාන්තාවන් වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශයක් හෝ අමාත්‍යාංශයක කොටසක් පවත්වාගෙනයාම අවශ්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ඇෆ්ගනිස්තානය තුළ ශරියා නීතියේ මූලධර්මවලට අදාළව කාන්තා කටයුතු පිළිබද අධිකාරියක් පිහිටුවන බව ප්‍රකාශ කර ඇතත්,එහි සංයුතිය සම්බන්ධයෙන් කිසිවක් තලේබාන් සංවිධානය විසින් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

ඇෆ්ගනිස්තාන කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සේවය සදහා වාර්තා කළ එහි දීර්ඝ කාලයක් සේවය කළ කාන්තාවන් ආපසු හරවා යැවීමට ද තලේබාන්වරැන් පසුගියදා පියවර ගෙන තිබිණ.

කාන්තාවන්ගේ අධ්‍යාපන සහ වැඩකිරීමෙි අයිතිය අහෝසි නොකරන බව තලේබාන් නායකයන් ලෝකයට ප්‍රකාශ කළත් ඔවුන් දැනටමත් සිසුවියන් වෙනුවෙන් ද්විතීයික අධ්‍යාපනය ලබාදීම අත්හිටුවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇතැම් තලේබාන් නායකයන්, කාන්තාවන්ට වැඩ කිරීමෙි අයිතිය ලබාදීමට එකගවුවත්, ඔවුන් පිරිමින් සමග එකම ආයතන තුළ එකට සේවය කිරීමට අවසර ලබාදිය නොහැකි යැයි ප්‍රකාශ කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles