ඇෆ්ගනිස්තානයේ දින හතරක කාලයක් ළිඳක සිරවී සිටි ළමයා ජීවිතක්ෂයට

0
246

ඇෆ්ගනිස්තානයේ දින හතරක කාලයක් ළිඳක සිරවී සිටි පිරිමි ළමයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හයිඩර් නමැති හය හැවිරිදි මෙම පිරිමි ළමයා බේරා ගැනීමට පැය විසිහතර පුරාම වෙහෙසීමෙන් පසු ඔහු පිටතට ගැනීමට සහනදායි කණ්ඩායම් සමත් වී තිබෙනවා

නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ දකුණු දිග සාබුල් පළාතේ ළිඳෙන් පිරිමි ළමයා පිටතට ගන්නා විට දරුවා හුස්ම නොගත් බවයි

බ්‍රහස්පතින්දා සිට ළිඳෙන් කිසිදු ශබ්දයක් පිට නොවූ බව සහනදායි කණ්ඩායම් පවසා තිබෙනවා.


ගලවා ගැනීමේ කණ්ඩායම පිරිමි ළමයා වෙත ළඟා වීමට පොළව තුළට අගලක් හාරා ඇති බවත් ඔහුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට නියමිතව තිබුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූ පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම ඔහුට ඔක්සිජන් ලබා දී තිබෙනවා
Zabul පොලිස් ප්‍රකාශක Zabiullah Jawhar පවසා තිබෙන්නේ වෛද්‍ය කණ්ඩායම ඔහුව හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කළ විට ඔහුගේ ජීවිතය අහිමිවූ බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here