ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරවල රදවා සිටි අන්තවාදී ත්‍රස්තවාදීන් රැසකට නිදහස.

0
329

තලේබාන් සංවිධානය කාබුල් අගනුවර යටත් කර ගැනීමෙන් පසු එහි බන්ධනාගාරයේ රදවා සිටි අන්තවාදී ත්‍රස්තවාදී නායකයන් රැසකට නිදහස ලබාදී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස ලබාදී ඇති පිරිස අතර තරේක් ඊ තලේබාන් පකිස්තාන සංවිධානයේ සාමාජිකයන් විශාල පිරිසක් වන බවයි.

එම සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ අල්කයිඩා නායක අයිමන් අල් ස්වාහිරිගේ සමීපතමයෙකු වූ මවුලවි පකීර් මොහොමඩ් ද නිදහස ලැබූවන් අතර වන බව සදහන් වේ.

කාබුල් බන්ධනාගාරයට අමතරව, වසිරිස්තාන්, සරගෝදා, ස්වාට්,,බජාවූර්, යන ප්‍රදේශවල පිහිටුවා තිබූ බන්ධනාගාරවලින්ද දරුණු ත්‍රස්තවාදීන් රැසක් නිදහස් කර යවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙසේ නිදහස ලැබූ ත්‍රස්තවාදීන් අතර අවම වශයෙන් තරික් ඊ් තලේබාන් සංවිධානයේ සාමාජිකයන් 2600 ක් පමණ වන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here