ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් ආරක්ෂකයන්ට එල්ල වන තර්ජන ඉහළ⁣ට.

0
300

ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නිරතව සිටින සිවිල් ක්‍රියාකාරිකයන් ,ජනමාධ්‍යවේදීන් ,නීතිඥයන් වැනි පාර්ශවවලට එල්ල වන තර්ජන ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ කටයුතු කරන එක්සත් ජාතින්ගේ නියෝජිතයන් සදහන් කර ඇත්තේ මානව හිමිකම් ආරක්ෂකයන් ඉලක්ක කරගත් ප්‍රහාර,අත්අඩංගුවට ගැනීම්,අතුරැදන්වීම් මෙන්ම ඝාතනද වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

මෙහිදී කාන්තා මානව හිමිකම් ආරක්ෂකයන්, සංස්කෘතික සහ සුලුතර ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂකයන් බරපතල ලෙස තර්ජනවලට මුහුණදෙමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, තලේබාන් සංවිධානය විසින් මානව හිමිකම් ආරක්ෂකයන්ගේ කාර්යාල වැටලීමද අඛණ්ඩව සිදුකරමින් ඇති බවයි.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට තැනින් තැනට යමින් රහිසිගතව දිවිගෙවමින් සිය කටයුතුවල නිරතවීම සිදුව ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here