ඇෆ්ගනිස්තානයේ සුලු ජාතිකයන් අනතුරේ.

0
401

ඇෆ්ගනිස්තානයේ වෙසෙන සුලු ජනවර්ගවලට අයත් පිරිස් දරුණු අනතුරකට මුහුණ දෙමින් සිටින බව අල් අරබියා පෝස්ට් වාර්තාවක දැක්වේ.

එම වාර්තාව මගින් සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සමස්ත ජනසංඛ්‍යාවෙන් සියයට පනහකටත් වැඩි සුලු ජනකොටස් ආරක්ෂා කිරීමට තලේබාන් පාලනය අසමත්වී ඇති බවයි.

හසාරා, උස්බෙක්,තජික් වැනි ජනවර්ගවලට අයත් වූවන් වෙනස් කොට සැලකීම්වලට ලක්වීම දිනෙන් දිනම ඉහළ යමින් ඇතැයිද අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

තලේබාන් සංවිධානය මූලිකවම සකස්වී ඇත්තේ එරට ප්‍රධානතම,ජනවර්ගය වන පෂ්තුන්වරුන්ගෙනි.

එරට වත්මන් භාරකාර ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පෂ්තුන්වරැන්ගෙන් සමන්විත වන අතර ඊට සෙසු ජනවර්ගවලට අයත් වූවන්ද ඇතූළත් කරන ලෙස ලෝක ප්‍රජාවෙන් ද දිනෙන් දින තලේබාන් පාලනය වෙත බලපෑම් එල්ල වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here