ඇෆ්ගනිස්තාන ආර්ථිකයේ සියයට 30 ක කඩාවැටීමක්.

0
345

තලේබාන් සංවිධානය බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ දළ දේශිය නිෂ්පාදිතය සියයට තිහකින් පමණ පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවා තිබේ.

තලේබාන් සංවිධානයේ පාලනය මෙන්ම දිගු කාලීන නියං තත්වය සහ කොරෝනා වසංගතය මෙම තත්වයට හේතුව බව විදෙස් වාර්තා සදහන් කරයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු , මානූෂීය නොවන ආධාර ඇණ හිටීම, විදේශ වත්කම් තහනම් කිරීම,රැකියා අහිමිවීම් සහ බැංකු පද්ධතියේ කඩා වැටීම් හේතුවෙන් ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එම වාර්තාව තවදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙම ආර්ථික බිද වැටීම හේතුවෙන් දිළිදුකම ඉහළ යාම සහ ජනතාවගේ ජීවන තත්වය පහත වැටීම ඉදිරි කාලසීමා‍වේදී ඇෆ්ගනිස්තානයේ උග්‍ර අර්බුදයක් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here