තලේබාන් නීතිය ක්‍රියාත්මක කරමින් ඇෆ්ගනිස්ථාන වැසියන්ට රැවුල් කැපීම තහනම් කරයි

0
378

ඇෆ්ගනිස්ථානයේ Helmand ප්‍රදේශයේ බාබර් සාප්පු හිමියන්ට නව නීතියක් පැනවීමට තලෙයිබාන් සංවිධානය කටයුතුකර ඇත. ඒ අනුව තම බාබර් සාප්පු තුල පිරිමි අයගේ රැව්ල කැපීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සදහන් කර ඇත.එම ප්‍රාන්තයේ වෙසෙන කරණවෑමියන්ට තලේබාන් සංවිධානය විසින් නියෝග කර ඇත්තේ, කිසිදු පුද්ගලයෙකුගේ රැවුල කැපීම හෝ කොටකිරීම සිදු නො කරන ලෙසට ය.

ඊට අමතරව බාබර් සාප්පුව තුල සිංදු ප්‍රචාරය කිරීම තහනම් කිරීමට කටයුතුකර ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රියාව ඉස්ලාම් නීතියට පටහැනි බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.

මෙම නීතිය කඩකරන පුද්ගලයන් හට ශරියා නීතිය යටතේ කටයුතු කරන බවත් ඔවුන්ට ඊට එරෙහිව පැමිණිලි කිරීමට අයිතියක් නොමැති බවත් නිවේදනය කර ඇත.

එමෙන්ම අදාළ නියෝගය කඩකරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට එම සංවිධානය පියවර ගන්නා බවයි වාර්තාවන්නේ. මීට අමතර ව කාබුල් අගනුවර තුළ ද මෙලෙස රැවුල් කැපීම තහනම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here