පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට අයත්ව තිබුණු පක්ෂය සමඟි ජන බලවේගය ලෙස වෙනස් කිරීමේදී එම පක්ෂයේ සම්පූර්ණ අයිතිය සමඟි ජන බලවේගය වෙත ලබා ගෙන ඇති හෙයින් එම දේශපාලන ගණුදෙනුව එතෙකින් අවසන් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. ඉඩමක් විකිණු පසු තවදුරටත් ඔප්පුව මගේ කියා තර්ක කරන්නේ නම් එය මෝඩ ක්‍රියාවක් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.