ඉතාලි ජනාධිපති දෙවන ධූර කාලය සඳහා තේරි පත් වෙයි

0
310

ඉතාලි ජනාධිපති සර්ජිඕ මැටරෙලා දෙවන ධුර කාලය සඳහා තේරී පත්ව තිබේ.

ඒ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්ද 759ක් ලබා ගනිමිනි.

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසුම දින 06ක් පුරා අදියර 08ක් යටතේ පැවැවුණි.

ඡන්ද විමසීමේ අවසන් වටයේදී නීතී සම්පාදකයින් සහ ප්‍රාදේශීය නියෝජිතයින් දහසකට වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරයා තොරා පත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය භාවිත කළ අතර ඉන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයෙක් ලබා ගත යතු වූ ඡන්ද සංඛ්‍යාව 505කි.

එහිදී වත්මන් ජනාධිපති සර්ජිඕ මැටරෙලා ජයග්‍රහණය කර තිබුණේ ඡන්ද 759ක් ලබා ගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here