ඉතිරිකිරීමේ ගිණුම්වල තැන්පත්කර තිබෙන මුදලේ අගය වේගයෙන් පහත වැටෙයි

0
300

උද්ධමන වේගය ඉතාමත් තීව්‍රවීම නිසා බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනවල ඉතිරිකිරීමේ ගිණුම්වල තැන්පත්කර තිබෙන මුදලේ අගය වේගයෙන් පහත වැටෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය ඔක්තෝබර් මාසයේ 8.30%ක උද්ධමනයක් පැවති බව මහ බැංකු නිල වාර්තාවල සඳහන් කර තිබේ. වෙළඳපොලේ පවතින උද්දමනයේ යතා ස්වභාවය නිල සංඛ්‍යා දත්තවලින් හෙළි නොවූවද ඉදිරිපත් කර තිබෙන දත්තවලින් පවා මුදලේ අගය වේගයෙන් කඩා වැටීම නිරූපනය වේ.

මුදල් ඉතිරිකිරීම් සඳහා ලබාදෙන උපරිම පොලිය නිල වශයෙන් 5.0ක් වී තිබියදී උද්ධමනය 8.30%ක් වීමෙන් තැන්පත්කර තිබෙන මුදල්වල අගය 3.3%කින් පහති වැටෙමින් තිබේ. මේ නිසා ඉතිරිකිරීමේ ගිණුම්වල තිබෙන මුදල් නිරන්තරයෙන් හීනවන අගයක පවතී.

උදාහරණයක වශයෙන් තැනපත්කරුවෙකුගේ ගිණුමක රුපියල් 10,000ක් සටහන් වී තිබෙන්නේනම් එයට ලැබෙන පොලියට වඩා උද්ධමනය වැඩිවීමෙන් රුපියල් 10,000සේ සැබෑ අගය නිතරම හීනවෙමින් පවතී. මේ නිශ්චිත අවස්ථාවේදී එය රුපියල් 9,670ක් පමණකි. මෙයින් කියවෙන්නේ අදාළ ගිණුම් පොතේ තැන්පත් මුදල් රුපියල් 9,670ක් ලෙස සටහනවන නොවේ. රුපියල් 10,000ක් සම්බන්ධයෙන් පවතින යථාර්තවාදී වටිනාකමය.

Lanka Truth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here