Thursday, January 16, 2025

ඉතිහාසයේ පළමු වරට සියලු දේශපාලන පක්ෂ එක පොකුරට එක්වෙයි.. ආචාර්ය හර්ෂ මූල්‍ය කමිටු සභාපති වෙයි.

වත්මන් ආණ්ඩුව ආර්ථිකය ගොඩ නැගීම උදෙසා කරනු ලබන රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජන බලවේගයේ පූර්ණ සහය ලබා දීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට පත්ව ඇති අර්බූදකාරී තත්ත්වයන් හා රට මුදා ගැනීමට අත්‍යවශ්‍ය කාරණා පිළිබඳ සැලකිල්ලට ගෙන අද පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගත් බවයි.

කෙසේවෙතත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට හා සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම්, අදාළ සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බව ද අදාළ නිවේදනය මගින සමගි ජන බලවේගය අවධාරණය කර සිටී.

පත්ව ඇති තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු පැහැදිලි කිරීමක් සිදු කරමින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ,  නිදහස් පක්ෂය මෙම අසීරු තත්ත්වය තුළ  අග්‍රාමාත්‍යවරයාටත් රජයටත් සහය දීමට සූදානම් බවයි.

මේ අතර මෙම හමුවේදී අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූයේ දැයි නිව්ස් ෆස්ට් මහ ලේකම්වරයාගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් දායාසිරි ජයසේකර මහතා පැවසුවේ, අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා නොවූ බව සහ පක්ෂයේ සභාපතිවරයා සමග ඒ සම්බන්ධ අවසන් තීන්දුවකට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles