ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් කණ කොකා හඬයි. වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 38,000කින් ඉහළ යයි

0
377

වෙළඳපොලේ අලෙවි වන වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 38,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මීට දින 03කට පමණ පෙර මෙලෙස වානේ කම්බි ටොන් එකක මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

රුපියල් 254,500කට පෙර එලෙස අලෙවි වූ වානේ කමිබ් ටොන් එකක මිල මේ වනවිට රුපියල් 292,500 ක්.

ඒ අනුව මිලිමීටර් 10 වානේ කම්බියක් රුපියල් 1,040කටත්, මිලිමීටර් 12 වානේ කම්බියක් රුපියල් 1,500කටත්, මිලිමීටර් 16 වානේ කම්බියක් රුපියල් 2,7250කටත් අලෙවි වනවා.

Hiru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here